Loading...
30 July 2012

ලංකාවට ඇමති මන්ඩලයක් අවශ්‍යද?

 ස්sri lanka cabinet

මේ දවස්වල රූපවාහිනියේ ප්‍රවෘති වල විකාශය වන හැම ප්‍රවුතියකම වාගේ තියෙන්නේ මොකක් හෝ සංවර්දන ව්‍යාපෘතියකි. ඒ හැම එකක්ම කර තිබෙන්නේ අතිගරු ජනාදිපති තුමාගේ උපදෙස් පිටය. නැත්තම් මග පෙන්වීම යටතේය. ඒ විශය බාර ඇමති ගේ හෝ වෙන පුද්ගලයකුගේ උපදෙස් පිට නොවේ. මෙය අදාල විශය බාර ඇමතිද සිය කතාවේ පිලිගනී. එසේ නම් ඒ විශය බාර ඇමති කෙනෙක් කුමටද? එම විශයද ජනාදිපති තුමා බාරයට ගත්තානම් අහවරය. එවිට ජනාදිපති තුමාගේ උපදෙස් පිට අදාල නිලදාරීන්ට එම වැඩේ කල හැකි නොවේද?

ඇමති මන්ඩලේ අදාල ඇමති වරු සිටින්නේ ව්‍යාපෘතිය ආරම්බ කරන හා අවසාන කරන විට ඊට සහබාගි වීමට පමනද? මන්ද ඔවුන් මගදී එය බලන්න ගියත් යන්නේ ජනාදිපති තුමාගේ උපදෙස් පිටය. මට පේන ලෙස ඔවුන් ගියා කියාලා වන සෙතකුත් නැත. සමහර ව්‍යාපෘති පටන් ගත් තැනමය. ඒ බව කෙලින්ම වාර්තා වෙන්නේ ජනාදිපති තුමාටය. එවිට ඔහු එය කරන්න යැයි ඇමතිට කිව යුතුය. නැත්තම් කෙරෙන්නේ නැත. කිවුවාම මාද්‍ය ටිකක් එක්ක එතනට යන ඇමති ජනාදිපති තුමා කී නිසා මෙය ඉක්මන් කරන බව පවසයි. නමුත් හිටි තැනමය.

අනිත් කාරනය නම් ජනාදි පති තුමාට ඇමති වරුන්ගෙන් ඇත්තේ කරදරමය. පොඩි කාලේ අපිට කවුරු හරි ගැහුවම අපි එය අඩාගෙන ගොස් ටීචර්ට කිය්න්නෙමු. එවිට ටීචර් අදාල ලමයාට ගහයි. නැත්තම් අවවාද කරයි. ඒ ලෙසම ජනාදිපති තුමාට සිදුව ඇත්තෙත් අරම කරන්න එපා. ඒවා නරක වැඩනේ. එහෙම කරන්න එපා කියමින් පොඩි උන් ටිකක් වගේ ඇමති මන්ඩලයට උපදෙස් දෙන්නය.

උසස් පෙල අවුලෙත් ජනාදිපති තුමා විසදිය යුතුය ඇමතිට එය කල නොහැක. (සමහර විට එය ඇමතිගේ විශය පතයට අදාල නැතිව ඇති). ජනාදිපති තුමා හොදටම බැනොත් විතරක් ඇමති කුමක් හෝ කරයි. විශ්ව විද්‍යාල ආචාර්ය ප්‍රශ්නය ගැන ඇමති කිසිවක් දනේ නැත. දන්නේ ජනාදිපති ලේකම් තුමාය. නියගයත් ජනාදිපති තුමා බැලිය යුතුය. සහනාදාර දෙන්නේද ජනාදිපති තුමාය. බඩු මිල තීරනය කරන්නේද ජනාදිපති තුමාය. ඇමතිට එය බැරිය. අලි ආවත් එය ජනාදිපති තුමා බලන තුරු විසදුමක් නැත. කාටවත් හිතලා වැඩක් කරන්න බැරිය. ජනාදිපති තුමා කියනා තුරු සිටියි.

අවසානයට පොඩි කතාවක් කීමට ඇත. ප්‍රේමදාස මහතා සිටින කාලයේ අපේ මාමා කෙනෙකුගේ ගෙදරට අල්ලපු ගෙදර බල්ලෙක් සිට ඇත. උගේ නම ශ්‍රීමත් ය. ප්‍රවෘති කියන කොට ඌ රේඩියෝ එක ලගට දුවගෙන එනවලු. ටිකකින් ආපසු හැරී යයි. ආයි දුවගෙන එයි. මේ විදියට ප්‍රවෘති අවසන් වීමට කලින් විසි තිස් පාරක් ඌ රේඩියෝ එක ලගට ඇවිත් ආයි හැරිලා යනවාලු.ඌ හිතන්නේ රේඩියෝ එකෙන් ඌට කතා කටනවා කියාලු.

මේ සියල්ලම ලීවේ මම රූපවාහිනියෙන්. විශේශයෙන් පවුලේ නාලිකාවෙන් දැක්ක දේවල් නිසාය. ඊට අමතරව පාරේ හම්බෙන මිනිස්සු කියන්නෙත් ජනාදිපති තුමා නැතිව මොකුත් කරන්න බෑ කියාය. සමහර විට මම වැරදි වෙන්නත් පුලුවන්ය. ඒත් මිනිස්සු....

10 comments. :

  1. බලාගෙන යන විට ලංකාවේ මිනිස්සුන්ගෙන් ද වැඩක් නැත.. ජනාධිපතිතුමා විතරක් ඉන්නවා නම් හොඳ ය!! එතකොට එල ය..
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔවු ඉතින් ඔහොම අදහස් තියන උනුත් ඉන එක හොදය. මන්ද අනාගතයටත් ඇමති වරු ඕනය.

      Delete
  2. ආශ්චර්යට යද්දී එහෙම තමා :D

    ReplyDelete
  3. හික්..
    අපෝ එකෙක්වත් ඕනෙ නෑ..
    දැන් ඉන්න කට්ටියගෙන් නම් ඉතින් ජනාධිපති තුමා හිටියාම හොදටම ඇති..
    අපරාදෙ ඇමති කස්ටියට වියදම් කරන සල්ලි..!

    ReplyDelete
  4. හොඳ ලිපියක් යාලුවා. එහෙම තමයි සුවච කීකරු ඇමතිවරු. විශේෂ උපදෙස් නැත්නම් මොකවත් කෙරෙන්නේ නෑ. ඇමති කම් තිබුනට අමාත්‍යංශයක් නැද්ද දන්නේ නෑනේ.

    …මේ බ්ලොග් එකේ පටුන මගේ මැෂින් එකේදි ලෝඩ් වෙන්නේ නෑ. හිස් කොටුවක් විතරයි එන්නේ . පොඩ්ඩක් බලන්නකො බ්ලොග් එකේ අවුලක් ද කියල.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න විදියක් නම් නෑ. හරියටම code ටිකයි හරි rss එකයි දුන්න නම්

      Delete
    2. මම කිව්වෙ මම පටුන විදිහට මගේ බ්ලොග් එකට දාපු ගැජට් එක ගැන නෙවෙයි . ඒක වැඩ. ඔයාගෙ බ්ලොග් එකට මම ආවම මේකෙ පටුන මට පේන්නේ නැතුව තිබ්බ. ඒක ගැන. දැන් නම් ඒකත් හරි.

      Delete
  5. හෙහ්...හෙහ්...මෙන්න ඇත්ත...!

    ReplyDelete
  6. මං පොඩි එකාට දේශපාලනය අරහන්ය........ :/

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP