Loading...
12 June 2012

ගාල්ල ඉංජිනේරු පීඨ සිසුන්ගෙන් තවත් ප්‍රජා සත්කාරයක්.


ජනප්‍රියතාව යන හුදු ඊනියා සංකල්පය තුල ජීවත්වන ශ්‍රී ලාංකීය දෙමාපියන් නිසා අද රටේ වැසී යාමේ තර්ජනයට ලක්ව ඇති පාසල් ගනන අපරිමිතය."එක පාසලක් ඇරීම සිර ගෙවල් සියයක් වැසීමකි" යන මතයේ ප්‍රතිලෝමය සැලකූ විට එක පාසලක් වැසීම සිරගෙවල් සියයක් විවෘත කිරීමක් වේ. නමුත් ජනප්‍රිය පාසල් පසුපස හබා යන ශ්‍රී ලාංකීය සමාජයේ මෙම පාසල් වැසී යාම එතරම් ගනනකට නොගන්නා වාතාවරනක් බවට පත්ව තිබීම ඉතාමත් කනගාටුවකට කරුනකි.

මෙවන් තත්වයක් යටතේ ශ්‍රී ලංකාව තුල නිදහස් අද්යාපනයේ උපරිම පලය නෙලාගත් විශ්ව විද්‍යාල සිසුනට ඇත්තේ ඉතාමත් බැරෑරුම් කර්තව්යකි. එය වනාහි තම මාතෲ භූමිවේ අනාගත් පරපුරට නිදහස් අද්යාපනයේ උපරිම බුක්තිය ලබා ගැනීමට මං සලස්වා දීමයි. මා මෙසේ කියන විට ඔබ සිතනවා ඇති තවත් උද්ගෝශනයක්, එහෙමත් නැත්නම් "පිටස්තර විජාතීය බලවේගවල කුමන්ත්‍රනයක්" ඉටුකිරීමට විශ්ව විද්යාල සිසුගේ සූදානමක් කියා.

ඔබ එසේ සිතනවානම් ඔබට වැරදිලා. මෙය තවත් විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් ජනප්‍රියතාව හා උපරිම පහසුකම් යන ඊනියා නාමය තුල වැසී යාමේ තර්ජනයට ලක්ව ඇති පාසල අනාගත පරපුර වෙනුවෙන් ඉතිරි කිරීමට ගත් පුන්චි උත්සාහයක්. ඒ පුන්චි උත්සාහය අනාගත්යේ විශාල වෘක්ශයක් වී අපේම නංගිලා මල්ලිලාගේ අනාගතය සුරක්ශිත කරාවි යන්න ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුවයි.

ගාල්ල තොටගොඩ අත්තදස්සී කනිටු විද්‍යාල වර්ශ 1925 ආරම්භ කර දැනට සිසු හිඟය හේතුවෙන් වැසී යාමේ තර්ජනයට ලක්ව ඇති පාසල් අතර ප්‍රමුක පෙල පාසලකි. මෙහි වැඩිම සිසුන් පිරිසක් සිටින්නේ පලමු ශ්‍රේනියේ වන අතර ශිෂ්‍ය හිගයට මූලික හේතුව ලෙස සලකන්නේ අඩු පහසුකම් ප්‍රමානයයි. අවශ්ය මානව සම්පත් නොඅඩුව තිබුනද භෞතික සම්පත්වල හිගය මෙන්ම අද්‍යාපනයට සුදුසු වටපිටාවක් නොමැති කමද මෙම සිසු හිගයට විශාල හේතුවක් වී තිබේ.

මේ බව වටහා ගත් ගාල්ල රුහුණ ඉංජිනේරු පීඨයේ අවසන් වසර සිසුන් සිය අවසන් මෙන්ම සිවුවන උපන්දිනය සැමරීමට මෙම පාසල තෝරා ගන්නා ලදි. ගාල්ල බැදිපිට කණිශ්ට විද්‍යාලය පිලිසකර කර සිය දෙවන උපන්දිනය සමරා ලබාගත් අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් ගාල්ල ඉන්ජිනේරු පීට සිසුන් ගාල්ල අත්තදස්සී කනිටු විදුහලද ප්‍රතිසංස්කරණයට ලක් කර සිය සිවුවන උපන්දිනය සැමරූහ.

ප්‍රදාන වශයෙන් කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරනයට ලක් නොවී පාසල් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කර තීන්ත ආලේප කිරීම, ජල නල පහසුකම් නැති ස්තාන හා පන්ති කාමර වලට ජල නල පහසුකම් ලබා දීම, දිරාපත්වී කුඩා වැස්සකට උවද පන්ති කාමර තෙමීම සිදුවන වහල ප්‍රතිසංස්කරණය කිරීම, පුස්තකාල ගොඩ නැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම සියලුම පන්තිකාමර සිසුන්ට ඉගනීමට ආසාවක් ඇතිකරවන තත්වයකට පත්කිරීම සිදු කරන ලදි.

මෙහිදී ඉංජිනේරු පීට සිසුන්ට බල පෑ මූලික අභියෝගය වූයේ මූල්‍ය ප්‍රතිපාදන හා දින 2ක් තුල මෙම විශාල කර්තව්‍ය ඉටු කිරීමයි. අභියෝග වලට මුහුනදීමට සැදි පැහැදී සිටින ගාල්ල ඉංජිනේරිපීටයේ දහවන ශීශ්ය කන්ඩායමේ සිසුන් තම ශිෂ්‍ය කණ්ඩායමේ සිසුන්ගේම මූල්‍ය දායකත්වයෙන් ඔවුන්ගේම ශ්‍රම ශක්තිය දින 2ක් තුල නිදි වර්ජිතව යෙදවීම්මෙන් මෙම අභියෝගය ජයගත්තේ සිතුවොත්, එකමුතු උනොත් කල නොහැක්කක් නොමැත යන සංකල්පය මනාව ඔප්පු කරමිනී.

Photos 

5 comments. :

  1. වැඩේ නියමයි, ඉදිරියටත් මෙවැනි කාර්යයන් කරන්න ශක්තිය ධෛර්යය මුල්‍ය ප්‍රතිපාදන නිතැතින්ම හිමිවේවා

    ReplyDelete
  2. සන්තෝශයි මල්ලි, ඕව තමයි කෙරෙන්න ඕන වැඩ, නිකං පාටි දානවට වඩා....

    ReplyDelete
  3. හ්ම්ම් හොද වැඩක් යාළු! :)

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP