නව අවුරුද්දට සුබ පැතුම්
අළුත් අවුරුද්ද හෙටින් ආරම්බ වෙයි. පරන අවුරුද්දට නාලා කියලා එහෙම කට්ටිය දැන් අළුත් අවුරුද්ද පිලිගන්න බලාපොරොත්තුවෙන් මගබලාගෙන ඇතියි කියලා හිතනවා. සමහර අයට නම් අවුරුදු නැතුවත් ඇති. මොකද සිංහල අපි පරන අවුරුද්දේ ගෙදර මල ගෙයක් සිද්ද උනොත් අළුත් අවුරුද්ද සමරන්නේ නැති නිසා. කට්ටියම කැවුම්, කොකිස් එහෙම හදලා (නැත්නම් කඩෙන් හරි අරගෙන අළුත් අවුරුද්දට වැඩ අල්ලන්න එහෙම ලෑස්ති වෙලානේ ඉන්නේ.අපිත් ඉතින් කැවුම් කොකිස් පැනි වලලු එහෙම හදලා සූදානම් වෙලයි ඉන්නේ
කොච්චර ආර්තික අර්බුද තිබුනත් අළුත් අවුරුද්ද හොදින් සමරන්න එපයි. ඒත් ඉතින් අපේ රට පාලනය කරන උදවිය හිතන්නේ පාර පුරා මිනිස්සු පිරිලා ඉන්න කොට මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. ඒ අය දන්නේ නෑ මිනිස්සු කොහොම හරි අවුරුද්ද කන්න බැරි නම් ලෙව කාලා හරි ඉන්නවයි කියලා. මිනිස්සු පාර පුරාඅ දුවන්නේ අඩුවට ඇදුම් ගන්න ඇදුම් තෝරන්න කියලා ඒ අයට නොතේරෙන එක පඒ අවාසනාව. (සල්ලි තියන අය ( සමහරු FASION එකට) මිල අදික ඇදුම් ගන්න එක ඇත්‍ත. ඒත් පොදු යතාර්තය නම් මිනිස්සු අවුරුද්දකට සැරයක් සමරන අවුරුද්ද කොහොම හරි සමරන්න හදනවයි කියන එක.
එහෙනම් මමත් අනිත් අයවගේම ලබන්නා වු නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරෙන නව වසරක් වේවායි කියලා කාටත් සුබ පතනවා. ඒහෙනම් අලුත් ලිපිත් එක්ක නව වසරේදී හමුවෙමු. කාටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා. ලබන්නා වූ නව වසරේ ජීවිතයේ සියළු බලාපොරොත්තු ඉටු වේවා.
0 comments. :
Post a Comment
Your comment is the most important item for me...
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.