Loading...
07 July 2012

කැම්පස් ඇවිත් හරියටම අවුරුදු 4යි. 10යේ හැමෝටම සුබ උපන්දිනයක් වේවා..


10. මොකක්ද මේ 10. දැනට හරියටම අවුරුදු 4 කට හලින් අද වගේ දවක හපුගල ඉන්ජිනේරු පීඨයට රට වටින්ම ආපු කොල්ලො කෙල්ලො ටික තමයි 10 කියන්නේ. පස්සේ පස්සේ මුළු පීඨයම බබලවන්න වගේම හොල්ලන්නත් මේ කොල්ලො කෙල්ලො ටිකට පුලුවන් උනේ කොහොමද කියලා විශ්වාස කරගන්නත් බෑ.

හරියටම දැනට අවුරුදු 4 කට කලින් අපි එන දවස.... එදා මුලු ගාල්ලම මිනිසුන්ගෙන් පිරිලා. සුදු කොඩි හැම කඩයකම, හැම ලයිට් කනුවකම, හැම බසයකම. අපිව පිලිගන්න නෙවෙයි. ලංකාවේ සිටි අංක 1 අද්‍යාපන හා උසස් අද්‍යාපන ඇමති කෙනෙක් වෙච්ච අපේ පීඨයේ නිර්මාතෲ ආචාර්ය රිචඩ් පතිරණ මහතාගේ ආදාහනය වෙනුවෙන්.

පීඨයට එන කොටම ඉස්සරහ තිබුනු 9ත් එකේ අයියල අක්කල හදපු තොරන මට අදවගේ මතකයි. ඒත් දැන් එහෙම තොරන් ගහන්න ඕන නෑ. මොකද concrete වලින්ම ලොකුවට තොරනක් ගහල තියනවනේ.

ඇත්තටම එදා දවස නිකම් හීනයක් වගෙයි. තට්ටු 3ක් උස ගොඩනැගිල්ලක උඩම තට්ටුවේ කාමරයට අපි ඔක්කොමයො දෙමවුපියොයි දාලා ගම් වලින් ආපු අපිට කට්ටියත් එක්ක කඩ්ඩෙන් වනපු වැනිල්ල.... එලියට ආවට පස්සේ තාත්තා කියනවා මම පස් පාරක්ම ගනන් කලා ඒ කාමරේ ලයිට් මෙච්චර තිබුනා මෙච්චර පත්තු වෙලා තිබුනා මෙච්චර ෆෑන් තිබුනා කියලා. හිතා ගන්න පුලුවන්නේ ඒ රැස්වීම කී දෙනෙකුට තේරුනාද කියලා.

ඊට පස්සේ උදේට 9ත් එකේ අයියල අක්කල දීපු කෑමත් කාලා කඩ්ඩ පේපරේකටත් ලියලා මතක ඇති කට්ටියම දවල්ල කන්න කියලා කැන්ටිමට ගියා. නිකං කෑම එකක් 25යි කහ ටිකක් දාලා 30යි. කවද කාපුවද. ඔන්න ඔහේ එකක් අරන් කෑවා. ඒද ඉදලා තාමත් ඒ පරිප්පුවම තමයි කන්නේ. කනව නෙවෙයි ගිලිනවා. මොකද දිවේ ගෑවුනොත් එන ඒ මිහිරි රස.....

කොහොම හරි කට්ටිය hostel එකටත් ගියානේ. මගදී වෙච්චා ඉතින් කට්ටියටම මතක ඇතිනේ. 4 දෙනෙකුට යාන්තම් හැරෙන්න පුලුවන් කාමරේකට 6 දෙනෙක් දාලා කොහොම හරි  කොල්ලො 130 කගෙන් හොස්ටල් එකක් පිරෙවිවා. හරියට zip කරනවා වගේ. කොල්ලො ටිකයි දෙමවුපියෝ ටිකයි ඒක ඇතුලට ගියාම ඉතින් හුස්ම ගන්නවත් බෑ.

රෑ short ගහගෙන වතුර ගේන්න ෆැකල්ටියට ගිහිල්ලා සීනියස්ලගෙන් අහපු බැනුම් ටික කට්ටියටම මතක ඇති නේ. එදා ඉදලා ගෙවිච්ච මේ අවුරුදු 4ගොඩාක් දේවල් batch එකට වගේම faculty යටත් උනා.ඒවා ඉතින් කට්ටිය ඔය සෙට් වෙච්ච වෙලා වලට කතා වෙනවත් ඇතිනේ

එහෙනම් මෙත්නින් මම නවතිනවා. 10ට සුබම සුබ උපන්දිනක් වේවා

මෙන්න 10 අද උපන්දිනය සමරපු හැටි

19 comments. :

  1. මතක ගොඩක් ලස්සනයි ඇත්තටම !

    ReplyDelete
  2. ඔවු ඇත්තටම ඒ සුන්දර මතකයන් අමතක කරන්න බැරි තරම්

    ReplyDelete
  3. 10ට මගෙනුත් සුබ පැතුම්.

    ReplyDelete
  4. බොහොමත්ම ස්තූතියි

    ReplyDelete
  5. එල.මගෙනුත් සුබ පැතුම්. රිවර්ස්ටන්වල මේ photo එකේ වගේ තැනක් ති‍යෙනවද සහෝ?

    ReplyDelete
    Replies
    1. නෑ. මේ අපේ තුන්වෙනි batch trip එකේ ගත්ත photo එකක්. මොකක්දෝ ගගක් ගාව

      Delete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  11. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  12. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  13. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  14. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  15. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  16. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  17. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  18. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP