Loading...
18 July 2012

අද මාරම අප්සට් දවසක්


කද ඇත්තටම මාරම එපා කරපු දවසක්. උදේ ඉදලා හවස් වෙනතුරු ගොඩ නගපු සිහින මාලිගය දැන් ටිකකට කලින් කඩාගෙන වැටුනා. බිමටම. බලාපොරොත්තු සුන්වෙලා ඒක කියාගන්න කෙනෙක් නැතිව ලියන්න ගත්තා බ්ලොග් එකේවත් හිතේ තියන දුක යන්නත් එක්ක. බලාපොරොත්තු බිද වැටිලා. ඔහේ ඉබාගාතේ යන කෙනෙක්ට වෙච්ච දේ තමයි දැනුත් මට වෙලා තියෙන්නේ. දැන් ටිකකට කලින් room එකේ උන සිද්දියකුත් මේක තවත් තීව්අ මොනව කරන්නද කියලා හිතා ගන්න බැරිව ඉන්නේ.

ඒත් හිතෙනවා ඔය සේරම අත ඇරලා දාලා ආපහු උදේ හිටපු තත්වෙටම යන්න ඇත්තම් කියලා. ජීවිතයෙ ඕන තරම් බලාපොරොත්තු බිද වැටිලා තියනවා. ඕන තරම් ජීවිතේ එපා වෙලා තියනවා. ඒත් ජීවිතේට මූන දෙන්න ඕන නේ. ඒක නිසා තාමත් ඒක මූන දිගෙන ඉන්නවා.වලට වැටිච්ච මිනිහා වල කටින්ම ගොඩ එන්න ඕන නේ. බලමු...............

ප:ලි: මට අන්තිමට හම්බුන පිලිතුර: බැදීම් යනු දුකකි.




12 comments. :

  1. හ්ම්ම්.. ඔයත් ඒ පාර ආදරේ කරන්නවත් ගියාද සහෝ ආ??
    ඕවා වැඩක් නැහැ යාළුවා..ඔය දේවල් නොකර ඉන්න තරමට අපේ කාලේ ඉතුරුයි.ඒකෙන් වැඩක් කරගන්න පුළුවන්..මට නම් පේන්නම බැරි,එපාම කරපු දේ ඔය,,හිත හදාගන්න..පුළුවන් තරම් බිසී වෙන්න..එතකොට කිසි දෙයක් මතක් වෙන්නෙ නැහැ..

    ReplyDelete
  2. ඒ උපදේසේ නරකනම් ඉතින් ඔහොමම ඉන්න තමා වෙන්නෙ යාළු..

    ReplyDelete
    Replies
    1. මෙහෙම ඉන්න එක හොදයි වගේ

      Delete
  3. අපි මචන් අනුන්ට උපදෙස් දෙනව ලව් කේස් වලදි නම් ඕව ගනන් ගන්නේ නැතුව ඉඳපන් කියලා. ඒක තමයි කරන්න ඕන සහ කරන්න අමාරුම දේ. මම එකෙකුට ඕක කියල sms එකක් යැව්ව. උත්තරේ හම්බ උනේ "..ක තමයි" කියල.. ඌට මල පැනලා. ඒ කියන්නේ ඔය වගේ වෙලාවට උපදේශය නෙවෙයි වැදගත්. අපිට කියන හිතේ තියන දේ කාට හරි කියලා දාන්නයි ඕනි.
    … අනික අර පුරාණ ග්‍රීක දාර්ශනිකයෙක් කියල තියන්නේ කොයි දේ වෙන්නෙත් හොඳට කියලා. ඕව ඔක්කොම හොඳ විදියට විසඳෙයි. අර හිරුහිමාවි කිව්ව වගේ බිසි වෙන එකත් හොදයි තමයි. නැද්ද මන් කියන්නේ

    ReplyDelete
    Replies
    1. තරහ වෙන්න එපා මතත් කියන්න තියෙන්නේ අර යාළුවා කියපු එකම තමයි

      Delete
    2. yaa. yaa. :) ආපහු කලින් තත්වෙට ආවා නම් ඒක ලොකු සතුටක්..

      Delete
  4. මොකුත් නොකියමි කිව්වොත් අහගන්න වෙන එක සුවර් :(

    ReplyDelete
  5. අයියෝ බං මොන දේ වුනත් ටිකක් වෙලා දුකෙන් ඉඳලා අමතක කරපන්.අද දුකක් නම් අනිවා හෙට අනිද්දට ආයේ සතුටක් එනවා.මම ඔය වගේ කීපාරක් නම් දුක් වෙලා ඇද්ද?.ඒත් කොල්ලා උදේට දුකෙන් ඉඳලා හවසට ෆුල් ආතල් එකේ ඔක්කොම අමතක කරලා හිනා වෙලා ඉන්නවා.එහෙම තමා අපිට දුකක් දුන්න එවුන්ට රිදවන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. දුක දුන්න කෙනාට රිදවන්න බෑ. ඒක කවදාවත් කරන්න බෑ. එයාට ඕනෙත් මම සතුටින් ඉන්න එක. එයාට රිදවන්න නම් මම දුකින් ඉන්න ඕන. ඇත්ත දැන් සේරම අමතක කල්ලා දාලා මම ආයෙත් හිටපු තත්වෙටම ඇවිල්ලයි ඉන්නේ. කොහොමත් ඉතින් අපි කවදත් උත්සාහ කරන්නේ ෆුල් ආතල් එකේ ඉන්නනේ.

      Delete
  6. අයියේ මම මෙ කියන්න යන්නෙ ඔයාගෙ post එක ගෙනනම් නෙමේ !!!

    මේ page එකේ තියෙන Like / share bar එක බ්ලොග් එකේ යාලුවන්ට ටිකක් කරදරයි, මගෙනම් අදහස මෙක මේ විදියටම වම් පැත්තෙ අයිනෙන් දැම්මොත් අවුලක් නෑ !!! පොඩ්ඩක් හිතල , හොද වෙනසක් කරන්න !! මේ Post එකනම් කියෙව්වෙ නෑ Sorry !!!! හදිස්සියෙ ආවෙ.


    www.pettiya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි අදහසට. බලමු පොඩි වෙනසක් කරන්න

      Delete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP