Loading...
15 September 2012

මහින්ද මාමා වෙත ලියන දෙවන ලියුමයි


මාමේ ඉතින් ඔබගේ සැප දුක් කෙසේද? අප නම් 7500/= න් කාලා ඉතුරු වෙන මුදලින් ලොසින්ජරුත් කාලා සැපෙන් සිටින්නෙමු. ඒ වගේම ඔබ ඇතුලු පවුලේ සැමත් සැපෙන් සිටිනේ යැයි සිතමු. රටේ මිනිස්සු ඔබතුමා ඇතුලු පවුලේ උදවිය මතක් කරන තරමට එසේ සිදු නොවේ යැයි විශ්වාස කල නොහැක.

මාමේ මා මේ ලිපිය ලියුවේ ඔයාගේ සැප දුක් අසන්න නොවේය.මීට කලිනුත් මා විසින් ඔබ වෙත එවන ලද ලිපිය ලැබුනා යැයි මම සිතමි. (http://nohimlokaya.blogspot.com/2012/07/blog-post_24.html) මේක ලියන්නේ ඒක ගැනවත් ඒකට පිලිතුරු ගැනවත් අසන්නටවත් නොවේය. ඔබතුමාට වෙන විපතක් ගැන කියන්නටය. ඒ ඔබතුමා ලග සිටින අයගෙන්ය. එයින් එක්කෙනෙක් SB මාමා යැයි කීවොත් ඔබතුමා පුදුම නොවනු ඇත. මම එය මෙසේ පැහෙදිලි කරන්නම්.

මම කඩේට ගිහින් මේ මාසේ ලොසින්ජර් කන්න ඉතිරි කරන් හිටපු සල්ලි වලින් තාත්තාගේ බලවත් ඉල්ලීම නිසාම හෙට "මවුබිම" පත්තරයක් ගෙනාවෙමි. යාන්තම් අකුරු ටික ගලපලා ගලපලා ඒකේ මුල් පිටුවේ තියන පුවතක් කියෙවුවෙමි. "සුහර්තෝ ක්‍රමයට මහින්ද පන්නන්න සැලැස්මක් ගැන වාර්තාවක්..." මම හිතන විදියට මේ වාර්තාව ඔයාට ලැබිලා ඇති. මේකට අනුව මීට මූලිකත්වය ගන්නේ දැන් වර්ජනය කරන විශ්වවිද්‍යාල ආචාර්ය වරුලු. ඒ අය මෙහෙයවන්න කට්ටියක් ඉන්නවලු. ඒ අය මේ හරහා මහින්ද මාමව වට්ටන්න හදනවලු. කවුද මේ පස්සේ ඉන්න අය.

එහෙම කට්ටියක් ඉන්නව නම් ඒ අය ගැන ඔබ තුමාට වාර්තාවේ දීලා තියේ දැයි මම නොදනිමි. ඒත් එයින් එක්කෙනෙක් අනිවා SB මාමා විය යුතුය. මන්ද මේ සටන පටන් ගත්තේ එතුමාය. මෙය එතුමාගේ දීර්ග කාලීන ප්ලෑන් එකකි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පඩි වැඩි කරනවයි කියා ඔවුන් අවුස්සා ගත්තේ එතුමාය. දැන් ඔවුන්ගේ ප්‍රශ්නවලට උත්තර නොදී කල් මරන්නේ එතුමාය. තවමත් පඩි වැඩි කල යුතු යයි බොරු පුරාජේරු ගසන්නෙත් එතුමාය. ඒ ඔබතුමා වට්ටනටය. වට්ටා ජනාධිපති වන්නටය. ගගෙන් මෙහා පැත්තේ මිනිසකු ලෙස ඔබතුමාට මේවා තේරෙනවා ඇතැයි මම සිතමි. පස්සේ නියපොත්තෙන් කඩන්න තියන එක එහෙම්ම තියෙන්න ඇරලා කෑවෝ කෑවෝ කියලා කෑ ගහන්න එපාය. කරන දෙයක් දැන්ම කරන්නය. මොකද මේක ලංකාවය. හෙටට වඩා අද විශ්වාස නැත. දුර ඉන්න හතුරට වඩා ලග ඉන්න යාළුවෙක් වගේ පෙන්නන එකා විශ්වාස නැත. හිතලා බලලා වැඩ කරන්න. කදුලු ගෑස් හරි වතුර ප්‍රහාර වලට වඩා මම මේ කියපු කාරනය බයානකය.

අනික බැසිල් මාමාට කියන්න ඉක්මනට විසදුමක් දෙන්න කියලා. නැත්තම් SB මාමාගේ ප්ලෑන නියමෙට වැඩ කරාවි. මිනිහා හිරෙත් හිටපු එක්කෙනෙක්නේ. අනික ඒ ඔබතුමා හිරේ හිටපු කාලෙට ගොඩාක් ආලෙකට පස්සෙ බවත් මතක තියා ගන්න.

10 comments. :

  1. ලියුම් ලිවීමේ නම් සුපිරි හැකියාවක් ඇත.නියමයි

    ReplyDelete
  2. මේ ලියුමත් පලවෙනි ලියුම වගේම නියමයි. පොඩි එකාට ජයවේවා!!

    ReplyDelete
  3. අති දක්ෂ උපහාස කතාතරුවෙකි ඔබ.

    ReplyDelete
  4. මහින්ද මාමට තේරෙයිද මන්දා...

    ReplyDelete
  5. හික්ස් අනේ මන්දා බං

    ReplyDelete
  6. [box]මහින්ද මාමා ට ඇස්බී ගැන බය නැතිලු[/box]

    ReplyDelete
    Replies
    1. [box]ඒ උනාට SB මාමා unp එකට ගියේ නැත්තං මහින්ද මාමා වෙනුවට ඒ කාලේ අගමැති වෙන්න හිටියෙත් SB මාමා විතරයි කියන එකත් මහින්ද මාමා දන්නවා ඇති.[/box]

      Delete
  7. මේ කතාවත් ඇත්ත තමා.. මම නම් කෙලින් බාබායිගා ආච්චිට තමා ලියුම ලිව්වේ.. හොඳින් බැරි නම් නරකින් කියලා..
    :D

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP