<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
10 September 2012

ජීවිතය ජීවත් කරවීම...


ජීවිහය කියන්නේ මහ පුදුමාකාර දෙයක්. සිනාව, දුක කදුල වගේම එපාවීම කලකිරීමත් එක්කම ඇතිවන ගොඩාක් සිතුවිලිත් එක්ක ජීවත් වෙනකොට හිතෙනවා ජීවත් වෙනවයි කියන්නෙත් මහ පුදුම දෙයක් කියලා. මේ හිනාවෙලා ඉන්න මිනිස්සු තව ටික වෙලාවකින් අඩන කොට මේ සතුටින් ඉන්න මිනිස්සු තව ටික වේලාවකින් ගහ මරා ගන්නකොට මොකක්ද මේ ජීවිතේ කියලත් හිතෙනවා. ඊර්ෂ්‍යාව ඉහ වහා ගිය ලෝකයක ජීවත් වෙන එකත් පුදුමාකාර අමාරු වැඩක්. අනිකට වඩා තමන් ලොකුයි කියලා පෙන්නන්න මිනිස්සු කොච්චර දුක් විදිනවද? ලද දෙයින් සතුටු වෙන්න මිනිස්සුන්ට බැරි වෙලා. තියන එකා නැති එකා වෙනසක් නැතිව තව තවත් හොය හොයා යනවා. ඇති වීමක් නෑ. මේක මේක ලියන මට වගේම මේක කියවන ඔයාටත් පොදු දර්ම තාවයක්.

සමහරවිට ඔයාල කියයි ඔයා එහෙම උනාට අපි නම් එහෙම නෑ. නෑ අපි කවුරුත් ඒ වගේ තමයි. ටිකක් පැත්තකට ගිහින් කල්පනා කරලා බලන්න ඔයා කවද හරි මොකක් හරි පස්සේ එලවලා නැද්ද? මොකක් හරි තියන දේට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙලා නැද්ද? තියනවනේ. ඔවු ඒක තමයි මිනිස්සුන්ගේ හැටි. සමහරු කියයි එහෙම නැති උනොත් දියුනුවක් නෑ කියලා. ඒත් ඔය දියුනිව කියන්නේ මොකටද? ඒකෙත් කෙලවරක් නෑ නේද?  හොයනවා අලුත් දේවල් නිපදවනවා. ඒවට හරියන්න මිනිස්සුන්ගේ අවශ්‍යතා වැඩි වෙනවා. අද තියන අවශ්‍යතාව නෙවෙයි හෙට. ඊට වඩා වැඩි එකක්.

පොඩ්ඩක් හිතන්න TV එක හරි Computer ඒක හරි නැති උනොත් ඔයා රෑ කීය වෙනකම් ඉදියිද කියලා. දැන් කීය වෙනකම් ඉන්නවද කියලා. ඒත් ඒ දෙකෙන්ම ඔයාලා රෑට ගන්න වැඩේ අඩුමතරමේ ඔයාලට වැඩක් තියනවද? මේක නිකම් පිස්සුවක්. ජීවත් වෙන ටික කාලේ මාරම පිස්සුවක් අපි කෙලින්නේ. ඒත් අපි දන්නේ නෑ අපි පිස්සු කෙලින බව. මොකද අපි වටේ ඉන්න අයත් පිස්සු කෙලින නිසා. උපතින්ම ආපු ජානයක් නිසා අපි කවදත් පුරුදු වෙලා ඉන්නේ සංසන්දනාත්මකව බලන්න. අපි අපිව මනින්නේ අපේ වටේ ඉන්න කට්ටියත් එක්ක සංසන්දනය කරලා. ඉතින් එතකොට කොහොමද අපි දැන ගන්නේ අපි පිස්සු කෙලින විත්තිය.

කලි යුග කාලේ....

6 comments. :

  1. දියුණුව එන්න ඕනි මිනිස්සුන්ගේ අධ්‍යාත්මික වර්ධනයත් එක්ක. දැන් ඉතිං ඉපදෙන්නත් කලින් ඉඳලම තරගයට නේ යොමු කරන්නේ. අනික දැන් මිනිස්සුන්ගේ අවශ්‍යතා වැඩි කොටසක් කෘතිමව ඇති කරන ලද ඒවා.

    කාලෙකට පස්සේ වෙනස් ලිපියක් ලියපු එක ගැන සතුටුයි!

    ReplyDelete
  2. හ්ම්... එකතයි.ඕනෑම මිනිහෙක් අනෙකාට වඩා ඉහළින් ඉන්න,කැපී පේන්න මාර ආසයි.ඔබත් මාත් අපි හැමෝමත් මේ නීතියට අදාළයි

    ReplyDelete
  3. මේක ලියල තියල කොහෙද බං ගියේ..?? :))

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP