<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
13 June 2012

සේනානායක රජ්ජුරුවන් තැනූ වැව ගැන ඔබ දන්නවාද?


මේක අපේ කොල්ලෙකුට වෙච්ච තවත් කතන්දරයක්. දවසක් අපි කට්ටිය පොඩි trip එකක් ලේස්ති කලා සේනානායක සමුද්‍රයට. දැන් කට්ටියම උදෙන්ම ගියා වැවු බන්ට් එකට. මොකද හවස් වෙනකොට අපිට යන්න තියනවා වැවේ එහා කෙලවරට බෝට්ටුවකින් camp එකක් ගහන්න තියනවා. කොහොම හරි අපි යනකොට කට්ටියක් පරක්කු වෙලා. ඒක නිසා කට්ටිය බන්ට් එකේ ඇවිද ඇවිද හිටියා.

ඔය අතර එකෙක් ඇහුවා "ඇත්තටම බන් මේ වැව හැදුවේ කවුද?" කියලා. එතකොටම තව එකෙක් ගත් කටටම කියපි

"මේක හැදුවේ සේනානායක ර්ජ්ජුරුවොනේ" කියලා.


"යකෝ සේනානායක කියන්නේ රජ කෙනෙක් නෙවෙයි".
 අරූ කියනවා "ඇත්තමයි මචන් මේක හැදුවේ අපේ සේනානායක ඇමති තුමානේ" කියලා.

"උබට කොයිල්ද?"

"හරිහරි මචන් මේක හැදුවේ සේනානායක ජනාදිපති තුමා තමයි. මම නිකන් විහිලුවක් කලේ"

මේක ඉවසන්න බැරිම තැන කට්ටියම කිවුවා
"නෑ යකෝ සේනානායක කියන්නේ අගමැති කෙනෙක්" කියලා. මොකද නැත්තම් ටව ටිකක් යනකොය මූ මොනවා කියයිද කවුද දන්නේ.

5 comments. :

  1. කව්රු උනත් වැවක් හැදුවනේ බං අපහාස කරන එක හරි නැහැනේ උබ එහෙම කිව්ව එක හොදයි.

    ReplyDelete
  2. ඉස්සර සාමාන්‍ය කෙනෙක් වැවක් හැදුවම රජකෙනෙක් වගේ තමා මං හිතන්නේ සලකන්නේ... රජකෙනෙක් වැවක් හැදුවොත් දෙවි කෙනෙක් වගේ...

    ReplyDelete
  3. සේනානායක උන්නැහේ නං ඇත්තටම දෙවි කෙනෙක්..උන්නැහෙ වගේ අයට වැඩිකල් ඉන්න නොලැබෙන එක අපේ ජාතියේ අවාසනාව වෙන්න ඇති...

    ReplyDelete
  4. වැව කවුරු හැදුවත් කතාව මරු. ඔය වගේ පස්සේ කාලෙක මතක් උනාම වඩාත් සුන්දරව රස විඳින්න පුලුවන්. දැන් ඉන්න ...වරුත් එක්ක බලපුවාම සේනානායක සක්විති රජ කෙනෙක්....

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP