Loading...
23 June 2012

google chrom වලින් ඔයා කැමතිම වෙබ් අඩවි වල අලුතින් දමපු විස්තර ඉක්මනින්ම බලා ගනිමු

මේක chrom වලට විතරක් විශේශ උන එකක් නෙවෙයි. ඕනම browser එකකට පොදු එකක්. මේකට කියන්නේ RSS FEED කියලා. මුලින්ම බලමු මොකක්දමේ RSS කියන්නේ කියලා. මේක ගැන මම වැඩිය දන්නේ නැති උනාට මම දන්න විදියට නම් මේකෙන් පුලුවන් වෙබ් අඩවියෙන් අඩවියට යන්නේ නැතිව වෙබ් අඩවි වල අලුති පල වෙච්ච තොරතුරු එක පාරින් බලා ගන්න. වෙබ් අඩවින් අඩවියට යනවනම් කොච්චර කියලා යන්නද? ඒත් මේකෙන් එක පාරින් විස්තර ටික ගන්න තියන එක කොච්චර හොදද?

හරි වැඩිය කතා ඕන නෑ. මුලින්ම කරන්න තියෙන්නේ google chrom වලින්

https://chrome.google.com/webstore/detail/pnjaodmkngahhkoihejjehlcdlnohgmp

කියන තැනට ගිහින් RSS Feed Reader එක add to chrom දෙන එකයි.
දැන් මේක install වෙලා ඔයාගේ goolge chrom browser එකේ උඩ දකුනු පැත්තේ පහල වගේ පින්තූරයක් පෙනෙයි


ඒක උඩ right click කරලා option යන්න.එතන new feed click කරලා ඔයාට ඕන web අඩවි වල rss ලිපිනය දෙන්න
හරි දැන් අර උඩ දකුනු පැත්තේ තියන එක උඩ click කරලා බලන්න වෙබ් අඩවිය ඇවිල්ලා නේද? මේ වෙබ් අඩවි වල අලුත් ලිපියක් පලවුනොත් එහෙම කෙලින්ම ඔයාට ඒක මෙතනින් ඉක්මනට බලා ගන්න පුලුවන්.




හරිනේ....

හෝවු හෝවු
කොමද වෙබ් අඩවි වල RSS ලිපිනය ගන්නේ. ගොඩාක් අඩවි වල නම් උඩ තියනො වගේ තැබිලි පාට icon එකකින් පෙන්නලා තියනවා. එහෙම නැත්තම් RSS කියලා ගහලා තියනවා. ඒ තැනක click කලාම address bar එකක්ට එන්නේ ඔය කියන rss ලිපිනය තමයි.
එහෙම නැත්තම්


https://chrome.google.com/webstore/detail/nlbjncdgjeocebhnmkbbbdekmmmcbfjd

වලට ගිහින්RSS Subscription Extension (by Google) added to chrom දීලා අදාල වෙබ් අඩවියට ගියාම address bar එකේ අර වගේම තැබිලි පාට icon එකක් පෙන්නනවා.
 ඒක click කරලා එන තැන තියන නිල් පාට තීරුවේ දකුනු පැත්තේ feed ඔබන්න.
 ඒකෙ address bar එකේ view-source: කියන කෑල්ල ඇර ඉතිරි ටික තමයි feed address වෙන්නේ



3 comments. :

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP