Loading...
22 April 2012

ඔච්චර තියන එකේ තව 4ක් දුන්නම මොකද වෙන්නේ...


ලගදී සිදුවන ඇමති මන්ඩල සංශෝදනය ගැන කවුරුත් දන්නවා ඇතිනේ. මැයි මුල් සතියෙ වෙනවයි කියන මේ සංශෝදනේ නිසා ඇමතිවරු ටිකක් කලබල වෙලා ඉන්නේ. මොකක් හම්බෙයිද තියන එකත් නැති වෙයිද? කියන්න බෑනේ. කට්ටිය මේ දවස්වල කතර ගම පැත්තෙත් යනවලු. ගිය අවුරුදු වල ගෙවල් වලට වෙලා අවුරුදු කාපු සමහරු මේ අවුරුද්ද දකුනේ ඉදන් කෑවලු.

 ඒත් ඉතින් මම හූන කිවුවා වගේ කියන්නම් මේකත් ඉතින් කන්දක් විලිලලා හූණු බිජ්ජක් දැන්න වගේ වෙනවා ඒකාන්තයි. ඇමතිවරු හිටපු විදියටම ඉදියි. තව ඇමතිවරු ටිකක් අපේ බත් පත උඩට වැටෙටි. ඒච්චරයි.

මම මේ කියන්න යන්නේ ඔය සංශෝදනේ ගැනම තමයි. රටේ දිස්ත්‍රික්ක 4 කින් වැඩිම මනාප ගත්ත 4 දෙනෙක් මේ පාර ඇමති පට්ටම් ඉල්ලලා. ඉල්ලලා තියෙන්නේ ඒ කට්ටියට චන්දෙ දුන්න අයට සේවය කරන්න. ඇමති පට්ටම් නැතුව සේවය කරන්න බැරිනම් මොකටද ඡන්දෙ ඉල්ලුවේ. යන හැම එකාටම ඇමතිකම් හම්බෙන්නැති බව දන්නවනේ. අනික ඇමතිකම් දෙන්නේ ඡන්දෙ දුන්න අයට සේවෙ කරන්න නෙවෙයි නේ රටට සේවෙ කරන්නනේ.

මේ අතර එක්කෙනෙක් කියලා තියනවා ඔච්චර ඇමතිවරු ඉන්න එකේ තව 4 ක් දුන්නම මොකද වෙන්නේ කියලා. ඕවු ඉතින් අතින් පයින් යනවයි. ඕන්නම් තව බදු ටිකක් වැඩි කරයි. බඩු වල මිල ඉහල යයි. මොකද ඒ අයට පඩි දීමනා දෙන්නත් එපයි.

මොනව කරන්නද? කුම්බලා කරවල කෑවනම් විදවපන් බළළෝ කියාගෙන බලාගෙන ඉමු. මොකද වෙන්නේ කියලා. ජනාදිපති තුමාට රැවුලත් ඕන කැදත් ඕන. ඒක නිසා අර කියන මහලු මඩම ටිකක් විතර ලොකු කරන්න වේවි. මොකද ඇමති කම් දෙනවයි කියලා කොහේ තියන subject ද?


4 comments. :

  1. සබ්ජෙක්ට් ඕනිම නෑ 'කාර්යභාරයක් නොමැති " කියලත් දෙන්න පුලුවන් . කොහොමටත් ජයසුරියලට , මුතු හෙට්ටිලට සබ්ජෙක්ට් එකක් දුන්නත් කරන්නත් බැ නේ

    ReplyDelete
  2. ජයසූරියට ක්‍රිකට් ඇමති, මුතු හෙට්ටිට ප්‍ර්යිවට් බස් ඇමති වගේ දුන්නත් හොදයි නේද

    ReplyDelete
    Replies
    1. ප්‍රයිවෙට් බස් ඇමති කෙනෙක් ඉන්නවනේ ඒ නිසා ප්‍රයිවෙට් බස් ඩ්‍රැයිවර ඇමති කම වගෙ එකක් හොඳයි . ක්‍රිකට් ඇමති කථාව මරු යෝජනාව . ඇමතිලා සෙට් එකක් ම හදාගන්න පුලුවන් එක ක්‍රිඩාවකට එක ගානේ .

      Delete
  3. ඔන්න ඔය වගේ සිතුවිලි තමයි අඩ රටට ගැලපෙන්නේ. මම හිතන්නේ මෙහෙම ගියොත් කවද හරි උබයි මමයි දෙන්නත් ඇමතිලා දෙන්නෙක් වෙනවා සිකුරුයි. මොකද මේ වගේ අදහස් එන්නෙ ඇමතිලට විතරයි නේ

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP