Loading...
25 April 2012

ජීවත් වීමට නම්....


මේ මම කියන්න යන දේ ගැන සමහර විට සමහර කට්ටිය එකග වෙන්නේ නැති වෙන්නත් පුලුවන්. තවත් සමහරු මට බන්නිත් පුලුවන් මොනවද මේ ලියලා තියෙන්නේ කියලා. ඛෑඨ්ඨී‍යෑඛ් ඛී‍යෑ‍යී ඌඹෑ ඬ්ඈණ්ණේ මොනවද කියලා. ඒත් මේක ඇත්ත. මිනිස්සු හිතන්නේ තමන් ගැන විතරයි. අනිතය ගැන හිතන්න ඒ අයට වෙලාවක් නෑ.  එහෙවු මිනිස්සු ඉන්න වර්තමාන ලෝකෙ ජීවත් වෙන කොට ඕනම කෙනෙකුට සමූන දෙන්න වෙන කරුනූ ටිකක් තමයි මේ..

මේකෙදී මුලින්ම කියන්න ඕන තමන් තමන්ගෙ දෙමවුපියන් හැර වෙන කවුරුවත් තමන්ට නැති බව. සමහරු හිතන් ඉන්නවා මට ගොඩාක් යාලුවෝ ඉන්නවා ඒක නිසා යකෙකුටවත් බය වෙන්න ඕන නෑ කියලා. ඒත් ඒ අයට මොකක් හරි උනොත් එයත් එක්ක අඩන්න දුක බෙදා ගන්න ඉන්නේ එයාගෙ දෙමවුපියෝ විතරයි.

මෙතෙන්දි තවත් කතාවක් කියන්න ඕන  ඒක තමයි තමන් තරම් වෙන කවුරුවත් විශ්වාසකරන්න එපා කියන එක. බොක්ක දෙන්න වගේ ඉදලා එක පාරටම අන්තරදහන වෙන මිනිස්සු දැන් ලෝකෙ ඕන තරම්. මට ඒ වගේ ඕන තරම් අය හම්බෙලා තියනවා. වැඩක් කර ගන්න නම් බොක්ක ඩෙන්න හරි ඒවි. ඒත් අපිට වැඩක් කර ගන්න මිනිහා හොයන්න අන්ජනම් අරින්න ඕන.

ගොඩා අයට පොඩ්ඩ වරදින්න බෑ. මෙච්චර කල් කරපු සේරම ඉවරයි. යාලු කමුත් නෑ. දමලා ගහලා යන්න යනවා. මේ වගේ මිනිස්සුත් ඕන තරම් ජීවිතේදී හම්බෙලා ඇති. කරන්න දෙය්ක් නෑ. ඒ වගේ අයත් එක්කත් ජීවත් වෙන්න වෙනවා. ජීවත්වීම කියන්නේ ඒකට.

අනිත් එක තමයි අනිත් අයට කරන්න කලින් තමන්ගෙ වැඩේ කෙරිලද ඒ කියන්නේ තමන්න්ට කරන්න වෙන වැඩ නැද්ද කියලා බලන්න .ගොඩක්වෙලාවට සමහරු තමන්ගෙ වැඩේ පාඩු කරගෙන අනිත් අයට කරන්න යනවා කරලා ඒ අය තමන්ට කරන්නැති උනාම දුක් වෙනවා. එහෙමත් නැත්නම් ඒ අයට ඒ ගැන කිය කියා බනිනවා. ඊට වඩා හොදයිනේ තමන්ගෙ වැඩේ කරලා වෙන වැඩක් නැත්ග්නම් අනුන්ට කරන්න එක

තව එකක් තියනවාකාටවත් කරලා කවදාවත් හොදක් බලාපොරොත්තු වෙන්න එපා. එතකොට හිතටත් හොදයි.ඒ වගේම ඒ අයගෙන් පෙරලා උදවුවක් බලාපොරොත්තු වෙන්නත් එපා. එතකොට හිත හොදින් ජීවත් වෙන්න පුලුවන් කාටවත් කරදරයක් නැතිව

ඉතින් අදට ඇති. කොල්ලෙක් එක්ක පොඩි හිතේ අමාරුවකින් ඉන්න ගමනුයි මේක ලිවුවේ. (හැබැයි මේකෙ තියෙන්න ඌ ගැන නම් නෙවෙයි. වෙනම දෙයක්.). මේකෙ තියන ඒවා තේරෙන් නැත්නම් ගනන් ගන්න එපා. ටික කලක් යනකොට තේරෙයි මොකා උනත් මූ කිවුවේ ඇත්ත නේද කියලා.

0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP