Loading...
02 August 2012

සියක් ආයු ලැබ මගෙත් ආයු ලැබ මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!




ආදරණීය ගුරු මෑණියනි ඔබට මල් මිටක්
මැණිකේ...
ආදරණීය ගුරු මෑනියනි,
2008 වසරේ ජනවාරි මාසයේ
අප මුලින් සුදු ගවුමකින් සැරසී
පාසල වෙත ආපු දිනයේ තමන් ලගට
කුරුලු පැටවුන් එක්කර ගන්නා සේ
අපිව ලගට ගත් අපි ආදරයෙන් වැලද ගත්
ගුරු මෑණියනි,
ඔබට අපගේ ගෞරවය.
ඔබ ලද සියලු දැනුම් සම්බාරය කිසිදු ලෝබ කමකින් තොරව
අපට ලබා දුන්න,
එය කියාවත් ලියාවත් නිම කරන්නට බැරි තරම්ය.
මෑණියනි,
ඔබ ලද ඒ උතුම් උත්තරීතර ගුරු පදවිය
ලබූ දා සිට මේ දක්වා
ඔබෙන් සිප් සතර හැදෑරූ
සුවහසක් දූදරුවන් වෙනුවෙන් මෙය ගුරු උපහාරයක්ම වේවා.
වසර 2ක් නිම කරමින් නයනා ගුරු මෑනියන්ට අපව බාර දුන් දිනයේ
ඔබ නෙතගින් වැටුනු කදුලු මට තාම මතකය
එවන් ශේෂ්ඨ ගුරු මවකගෙන් සිප් සතර
හැදෑරීමට අපද පින් කර තිබීම
අපේම වාසනාවකි.
ගුරු මෑණියනි,
නිරෝගීව සැමදා සිටින්නට වාසනාව පෙරටු වේවා.
 ඔබ සෙවනේ අකුරු කල සිසු දියනිය
රන්මිණි

පුබුදමු ගුරු කම
මවගේ කුසින් මෙලොව එලිය දුටුදා
පටන්ම අවුරුදු 5ක් තුරාවට මවුපියන්ගේ
සෙනෙහස තුරුලේ සිට අවුරුදු 6 දී
පාසල් දිවිය ආරම්භ කරන්නේ
නිමේෂයකට මවුපිය තුරුලෙන්
ඈත්වී ඔබ තුරුලට පැමිනියද

ගුරු මෑනියනි
මම එදා ඔබ ටුරුලට පැමිනි දවස
අද මෙන් මතකය
මෙයයි නිවරදි මග මෙයයි
වැරදි මග නිවරදි මග
තෝරාගෙන ඉදිරියට යන ලෙස
උපදෙස් දුන්නේ ඔබයි

ගුරු මෑනියනි
 තරගකාරී අද්‍යාපනයෙන් ජය ලබා ගැනීමටත්
ජීවිතය නැමති සමුද්‍රයේ පාවී යාමටත්
ලෝකයට ණය ගැති පුද්ගලයකු වීමටත්
අතහිත දෙන්නේ ඔබයි

ගුරු මෑණියනි
මම ඔබට සදා ණය ගැති වෙමි
ඔබ මට අමතක නොවන දිදුලන තාරකාවකි

නවෝද්‍යා
ඉතින් අම්මේ,
ඔබ දහස් ගනනක් සිසුන්ට ගුරු මෑණියන් වීම වගේම..
අපට අපේ "අම්මා" වීම අප ලද භාග්‍යකි.
අම්මේ,
ඔබේ විශ්‍රාම දිවියට මගෙන් සුභපැතුම්.
සියක් ආයු ලැබ මගෙත් ආයු ලැබ මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!


10 comments. :

  1. මෙවන් වූ ගුරුදෙවිවරුන් ලැබීම.සත්තකින්ම භාග්‍යකි..!
    ඔබේ මව්තුමියද ඒ...! වාසනාවකි..!

    ReplyDelete
    Replies
    1. ඇත්ත ලමයින්ට වඩා ගෙදර වැඩ තිබුනේ අපේ අම්මට. ආපු වෙලාවේ ඉදලා සටහන් ලියනවා, ඊලග දවසේ වැඩට ලේස්ති වෙනවා. මොකද කරන්න වෙලා තිබුනේ අමාරුම පන්ති 2 1වසරයි, 2 වසරයි,

      Delete
  2. අමුතුවෙන් ලියන්න දෙයක් නෑ. සියල්ලම ලියලා තියනව ඉහත නිර්මාණ දෙක තුල මෙවන් ලිපියක් පල කිරීම ගැන මගේ සතුට ප්‍රකාශ කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලුවා...

      Delete
  3. ඇත්තටම ලස්සනයි මේ නිර්මාණ..මටත් මතක් උනා අපිට හිටිය හොඳම ගුරුවරුන්ව..

    ReplyDelete
  4. ලස්සනයි පද ටික.. මේ වගේ ගුරු වරු අඩුයි. එවං ගුරුවරුන්ගෙන් ඉගනගන්නත් සිසුන් වාසනාවන්ත විය යුතුයි..

    ReplyDelete
  5. හ්ම්ම්ම්..
    ඒලෙවල් ඉවරවෙලා මාත් මැඩම් කෙනෙක්ට කවියක් ලියලා දුන්නු හැටි මතක් උනා..
    විශ්‍රාම දිවිය සැපවත් වේවා!!!!!
    ජයවේවා!!!

    ReplyDelete
  6. මට මතක් වුනේ මගේ එක වසරේ ගුරුතුමියව දහසක් නෙත් පාදන මවක් ලැබීම අප ලද භාග්‍යයක් මමද එය අත් දකිමි!! විශ්‍රාම දිවිය සැපවත් වේවා කියලා පතනවා
    ජය!!!

    ReplyDelete
  7. මාත් ගොඩක් ගරු කරන කට්ටියක් තමා ගුරුවරු කියන්නේ

    ReplyDelete
  8. ගුරුවරු කියන්නෙ ජිවිතේ හැමදෙම කියලා දුන්නු අපි හැමදාමත් මතක තිතියාගන්න ඔනි අය🙏

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP