Loading...
09 October 2011

කැම්පස් එකට එන අලුත් නංගිලා මල්ලිලාටයි

මේ දවස්වල කැම්පස් වලට ලමයි බදවගන්නවා කියලා දැන ගත්තේ සිංහල බ්ලොග් ටිකක් කියවනකොට. ඒ සේරම කැම්පස් ගිහින් ගෙදර ආපු මුල් සතියෙම ගොඩක් දේවල් ලියලා කැම්පස් එක ගැන.

තවටික කාලෙකින් කියයි කැම්පස් එක එපා වෙනවා කියලා. මොකද A/L වලට වඩා කැම්පස් එකේ වැඩ වැඩි නිසා. අපිටනම් මේ දවස්වල training. ඒක නිසා ටිකක් නිදහසේ ඉන්නවා. ඒත් තවසති 2 කින් ආයෙත් කැම්පස් යනවා. එතකොට අළුතෙන් ඇවිත් ඉන්න අය බලා ගන්න පුලුවන් වේවි.

බ්ලොග් වල ලියන කැම්පස් එකට අලුතෙන් ගිය නංගිලා මල්ලිලාටයි කියන්නේ. බ්ලොග් එකේ කැම්පස් එක ගැන ලියන කොට ටිකක් පරිස්සමින් ලියන්න ඕන මොනවද නැත්තෙ මොනවද කියලා හිතලා බලලා ලියන්න. මොකද මේ සතියට ලියපුවා දැක්කම අනාගතේ මොනවා ලියාවිද මන්දා.

කැම්පස් එකේ තියෙන්නේ වෙනම සංස්කෘතියක් A/L වල තනියම හරි කට්ටිය කට්ටිය හරි පාඩම් කරලා කැම්පස් ආවම තමන්ගේ හිත හදන එක අමාරුයි. A/L කියන්නේ තරගකාරී විභාගයක්. ඒක කරන කොට කොහොම හරි අනෙකා පාගගෙන හරි කැම්පස් යන්න තමයි හදන්නේ. මම බොරු නෙවෙයි නේද කියන්නේ කියලා ඔයාලගේ හිතෙන්ම අහලා බලන්න.



ඒත් කැම්පස් ගියයි කියලා මේ මානසිකත්වෙ වෙනස් වෙන්නේ නෑ. එත් කැම්පස් එක කියන්නේ සමාජයක්. ඒකේ අනිකා පාගගෙන උඩට එනවයි කියන්නේ තමන්ගේ එක කුස උපන් එකා මරල දානව වගේ වැඩක්. මොකද කැම්පස් එකේදී අපි ලග අම්මලා තත්තලා නෑ. කෝකටත් ඉන්නේ ලග ඉන්න යාලුවෝ සෙට් එක විතරයි. ඉතින් තමන්ගෙම බැචාලා පාගගෙන උඩට එනකොට ඒකට ඊට වඩා කියන්න දෙයක් නෑ.

අනික කැම්පස් එකේ තරගයක් නෑ. ගන්නවනම් කාටත් CLASS ගන්න පුලුවන්. ඉතින් මොකද අනිකා පාගගෙන උඩට එන්න හදන්නේ. පන්තියේ පලවෙනියා වෙන්නද. පලවෙනියා උනයි කියලා හම්බෙන ඉටිගෙඩියක් තියනවද? ඊට වඩා සතුටක් තියනවා තමන්ගේ බැචා ගොඩ ගියාම.

මම් මේ තෙලක් එහෙම බෙදුවා නෙවෙයි. SB ගේ හමුදා පුහුනුවෙන් ඔයාලට මොනවා කල්ලද දන්නේ නෑ නේ. ඒකයි මෙහෙම එකක් ලිවුවේ. හමුදා පුහුනුවට මාර ප්‍රචාරයක් දුන්නු මාද්‍ය අද කැම්පස් වලට ලමයි ගන්න එකට කිසිම ප්‍රචාරයක් නෑ. මොකද ඒක විකුනන්න බෑ නේ. ඒකයි ඇත්ත. මම ජේ වී පී නෙවෙයි. මම කියපු ටිකම ඔයාලට කැම්පස් එකේදිත් සින්නෝ විතරක් නෙවෙයි ලෙක්චස්ලත් කියාවි. ඒකයි කැම්පස් එකේ සැබෑ යතාර්තය.ඒක නිසා කරන දෙයක් හිතලා බලලා කරන්න.

සීනියස් ලා ඔයාලට කැම්පස් ජීවිතේ ගැන කියා දේවි. lectures ලත් එහෙමයි. ඒ අය කියන විදියට කරලා බලන්න. ඒ අය කියන්නේ තමන්ගේ අත්දැකීම් තමයි. සම (හරක්) ගොන් තෙල් බෙදන්නත් ඒවි. ඒවට නම් අහුවෙන්න එපා. අහන් ඉදලා කල්පනා කරන්න මූ කිවුවේ හරි දෙයක්ද කියලා.

8 comments. :

  1. //බ්ලොග් එකේ කැම්පස් එක ගැන ලියන කොට ටිකක් පරිස්සමින් ලියන්න ඕන මොනවද නැත්තෙ මොනවද කියලා හිතලා බලලා ලියන්න//

    ඒ මොකෝ , සිනියර්ස් ල දකියි කියල බයටද ??

    ReplyDelete
  2. @buwa

    සිනියස් ලා දැක්කට කමක් නෑ. ඒත් ඔහේ කැම්පස් වලට අලුතින් ගිය අය ලියපුවා කියවලා නෑ වගේ. ඒවා සිනියස්ලා ඩැක්කයි කියලා මොකක් වෙනවද? ඒත් ගිරවු වගේ තියන හැම දේම වමාරන්න ගත්තම සිනියස්ලට නෙවෙයි ජූනියස්ලටයි යන එන මං නැති වෙන්නේ. ඒ සිනියස්ලගෙන් නෙවෙයි සමාජයෙන්. ඒ අයගේ හොදට කියපුවා වරදවා වටහා ගන්න එපා.

    සමහරවිට ඔහේ කැම්පස් ගිහින් නැතුව ඇති ඒකයි මෙහෙම දේවල් ලියන්නේ.

    ReplyDelete
  3. මම නම් කැම්පස් පොරක් නෙවෙයි තමයි , නමුත් ඔබතුමා යමක් කියන කොට ඒකට හේතු කියන්න එපායැ , නැත්නම් අපි ට හිතෙන්නේ ඔහොම තමයි .ගිහින් ආපු අය කියන එව්වා දැකල තියෙයි , මොකක්ද ඒවායෙ වැරැද්ද ? ඇයි යන එන මං නැතිවෙනවාය කියන්නේ

    ReplyDelete
  4. ඇත්ත. කැම්පස් එකක් කියන්නෙ වෙනමම ලෝකයක්. වෙනමම සමාජයක්, වෙනමම සංස්කෘතියක්, ඒකට අපි හැඩගැහෙන්න ඕනෙ, නැත්තම් ලොකු අපහසුතාවයකට ලක් වෙනවා. තනියම නෙමෙයි ඉන්න සෙට් එකම එක පාර ගොඩ යන්නයි දඟලන්න ඕනෙ.
    අපේ නම් පළවෙනි සෙමෙස්ටරේ තරඟයක් තිබෙනවා. (මොරටුව ඉංජිනේරු පීඨය) නමුත් පස්සෙ නෑ. කට්ටිය එකතු වෙලා කුප්පි දාගෙන එකමට ගොඩයන්න ඕනෙ.

    ReplyDelete
  5. සමාවෙන්න . මම මේක ලිවුවේ මගේ හිතට එන විදියට. මටත් යමක් කියන්න පුලුවන් පරාසයක් තියනවා. ඒ පරාසෙන් තමයි මම මේක ලිවුවේ. /hihi
    මම මේකෙන් කාටවත් ත්‍ර්ජනය කරන්න හදලා නෑ. වැරඩියට වටහා ගන්න එපා. අද සමාජයේ තියන මතයක් තමයි කැම්පස් යන කොල්ලන්ට සීනියස්ලා අමානුශික ලෙස සලකනවා කියන එක. ඒක බොරුවක්. අපේම නංගියෙකුට මල්ලියෙකුට එහෙම කරන්න තරම් ලංකාවෙ ඉපදිච්ච අපි කුහක නෑ. මම හිතන්නේ buwa ත් මගෙන් අහන්නේ මේ ගැන.කවදාවත් ඒ අහින්සකයන්ට තලන්න පෙලන්න තරම් අපි නරුම නෑ. යන එන මං නැති වෙයි කිවුවේ අද හෙට නෙවෙයි. ඒ අයත් කවද හරි සීනියස්ලා උන දවසක. ඒකයි හිතන්න කිවුවේ.

    ReplyDelete
  6. @Madhawa Habarakada

    අපෙත් එහෙම තමයි (රුහුන ඉංජිනේරු පීඨය) ඒත් පලවෙනි mid එකේ ඉදලම කට්ටිය එකටම වැඩ කරලා කුප්පි දාගෙන කට්ටියම ගොඩ යන්න බලනවා. කෙලෙවුවොත් තමයි නැත්නම් ඔක්කෝම ගොඩ

    ReplyDelete
  7. ඉංජිනේරු ෆැකල්ටියෙ මිම්මෙන් අනික් විශ්ව විද්‍යාලවල තත්වය විග්‍රහ කරන්න යන්න එපා , සමහරක් ඒවායෙ අමානුෂික විදිහට නෙවෙයි තිරිසන් විදිහට සලකන ඒවාත් තියනවා

    භාගයක් හංගාගෙන ලිව්වාම භාගෙට තමයි වැටහෙන්නේ කියවන අයටත් , මොකද සියලුම පාඨකයින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් නෙවෙයි නේ

    ReplyDelete
  8. බුවා කියන කරුණුවලට මමත් එකඟයි..මටත් මේක කියෙව්වාම එක පාරට හිතුනේ "අඩෝ මේක ඇතුලේ ඒවා පිටට දෙන්න එපා" වගේ අදහසක්..මං දන්නේ නැහැ ලියපු මල්ලි මේකේ අදහස් කලේ මොකක්ද කියලා..ඒත් පිටින් බැළුවම මටත් පෙන්නේ නං එහෙමයි..

    "බ්ලොග් වල ලියන කැම්පස් එකට අලුතෙන් ගිය නංගිලා මල්ලිලාටයි කියන්නේ. බ්ලොග් එකේ කැම්පස් එක ගැන ලියන කොට ටිකක් පරිස්සමින් ලියන්න ඕන මොනවද නැත්තෙ මොනවද කියලා හිතලා බලලා ලියන්න. මොකද මේ සතියට ලියපුවා දැක්කම අනාගතේ මොනවා ලියාවිද මන්දා."

    මේක දැක්කම මොනවාද නොහිතෙන්නේ... අනාගතේ ඒ ළමයි ලියන්න ඕන දේවල් තීරණය කරන්න ඕන ඒ ළමයිද නැත්තං වෙන කවුරු හරිද..? ස්වයං වාරණයක් ඇති වෙන්න ඕන තැන් තියෙනවා..ඒක අත්දැකීම් එක්ක ඒ අයගේ ජීවිත වලට එන්න ඕන දෙයක් මිස මේ විදියට උඩින් ඉහ මොලවලට දාන එක සුදුසුද කියලයි මටනං හිතුනේ... ඔන්න කිව්වා මාත් කැම්පස් ගිහින් නැහැ..ආ නැහැ එක පාරක් ගිහින් තියෙනවා..ඒත් වැස්සකට...:D

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP