Loading...
09 October 2011

වදුරන්ගේ කථාව


/hihi ඔන්න එකමත් එක කාලෙක එකමත් එක රටක කැලේවක වදුරන් පිරිසක් ජීවත් උනා. මේ කැලේ ගොඩාක් හිටියේ වදුරෝ. අනිත් සත්තු නොහිටියාම නොවේ. වදුරො තමයි වැඩි. මේ වදුරෝ එක එක කණඩායම් වශයෙන් හිටියේ. ඒ අතර කිසිම කණ්ඩායමකට නති වෙන දෙයක් වෙච්චාවේ කියලා එදා වේල හොයාගෙන ඉන්න වදුරෝ පිරිසකුත් හිටියා. ඒ වගේම මේ කැලේට අනවසරයෙන් ඇවිටත් පදින්චිවෙලා හිටිය වදුරෝ ගොඩාක් හිටියා. මේ අයට අනිත් වදුරන්ගෙන් කරදර උනේ නෑ. මොකද මේ අය හිටියේ ඕනම දේකට මූන දෙන්න කණඩායම් වශයෙන් එකතු වෙලා. මේ අනවසර වදුරෝ තමයි වැඩි. මේක හිසරදයක් වෙන තරමට මේ අනවසර වදුරු ජනගහනය වැඩි වෙමින් තිබුනා. මේ අයට හරියට ඉන්න හිටින්න තැනක්වත් නෑ. කොහේට හරි වෙලා ඉන්නවා.

අපේ සමාජයේ වගේ තමයි මේ වදුරු සමාජෙත් එක එක කාලෙට නායකයා තෝරනවා. හැබැයි පරන නායකයා ඉල්ලා අස්වෙන්න ඕන එහෙම නැත්නම් මිය යන්න ඕන. අපේ නම් එහෙම නෑනේ. අවුරුදු 5න් 6න් තෝරනවනේ. අපේ වගේ නෙවෙයි මේ පුන්චි ඡන්දෙට කැලේ ඉන්න අවසර අනවසර ඕනම වදුරෙකුට ඡන්දේ දෙන්න පුලුවන්. ඒක නිසා ගොඩාක් වදුරු කණ්ඩායම් මේකට ඉල්ලනවා. අපේ වගේ නෙවෙයි මේ ඡන්දෙට එච්චර වියදම් වෙන්නේ නෑ. “අපේ වියදම් වෙනවද?”  /wahaha


කොහොමින් කොහොම හරි ඔන්න ඡන්ද කාලයක් ආවයි කියමුකෝ. මෙච්චර කල් මේ කැලේ රජ කරපු කණඩායමයි. අනිත් කණ්ඩායමුයි ඡන්දෙට බරටම වැඩ. මේ අයගේ වැඩිම පොරකෑම අර අනවසර වදුරන්ට. අන්වසර කිවුවට අනවසරමත් නෙවේ. බාගෙට අනවසර. කට්ටියක් කියනවා ඒ අයට අවර ලත් තැන් වල පදින්චි කරලා සුපිරි පහසුකම් දෙනවාය කියලා. තවත් කට්ටියක් කියනවා ඔය හදන්නේ ඒ අය මේ කැලෙන් එලවන්න කියලා. ඒ වගේම ඒ අය එලවන්නේ නැතිලු. ඒ වගේම ඒ අයට ඉන්න තැන් වලම ඉන්නලු. ඒත් කෝ ඒ අයට ඉන්න තැන්?  /no

මේ අතර අපේ වගේම පිල් මාරුවෙන එකත් ජයටම කෙරෙනවා. එක්කෙනෙක් තමන්ට නායක අපේක්ශක කම දුන්නේ නෑ කියලා අනිත් පිලට ගිහින්. ඒ උනාට කියන්නේ ඒ කට්ටිය එයාගෙන් ජීවිත කාලෙටම හරියන්න පලතුරු ඉල්ලුවාය කියලා. එක පිලක නායකත්ව අපේක්ශකයා අනිත් පිලෙන් කලකට ඉස්සෙල්ලා ඒ පිලට පැනපු කෙනෙක්. ඒ කියන්නේ ඒ පිල තමන්ගේ හොදම තුරුම්පු ටික තමයි පාවිච්චි කරන්නේ. අනිත් පිලත් ගේම අත අරින්නේ නෑ.  /wahaha

ඔය අතර  පිල් 2ටම බැන බැන ඉන්න කට්ටියකුත් ඉන්නවා. ඒ අය බල්ලන්නේ තමන්ගේ මෙච්චර කල් තිබුනු 1ක් 2ක් වූ මහ සබාවේ පුටු ටික රැක ගන්න.

කොහොමින් කොහොම හරි චන්දේ දවසත් ආවා. සේරම වදුරෝ තමතමන් මෙච්චරකල් කාපු ලනු ටිකේ දිගවල් හැටියට, ඇදගත් හැටියට (ඇදගත්තා කිවුවට ඇන්දුවා) ඡන්දේ පාවිච්චි කලා. අපේ වගේම තමයි සුලු සුලු ප්‍රචන්ඩ ක්‍රියාත් උනා. එකම පිලේ දෙන්නෙක් ගහගෙන එක්කෙනෙක්ට හොදටම අමාරුයි. අනිත් එක්කෙනා මැරුනා.

මල ගෙදරත් යන්න තියන නිසා ඡන්දෙ ප්‍රතිපල අහලා ඉදිමුකෝ. අර තමන්ගේ හොදම තුරුම්පු පාවිච්චි කරපු පක්ශේ පැරදුනා. අනිත් එක දිනුවා. අර පැනපු එකා නිකන්ම නිකන් විපක්ශෙ පුටුවකට ගියා. කලින් පැනපු එකා නායකයා වෙන්න නේ හිටියේ. ඌ විපක්ශ නායක උනා. මොකක් උනත් නායක කමක් නේ. පරන පක්ශෙම තමයි දිනුවේ. ඒත් කට්ටිය නම් හිතන් හිටියේ වෙන පක්ශයක් දිනයි කියලා. ඊට කලින් අපේ වගේම එහේ ඉන්න ප්‍රභූවරු කියන කඩේ යන කට්ටියක් කිවුවේ ඒ කට්ටිය කරපු සමීක්ශනයකට අනුව අර හොදම තුරුම්පු පාවිච්චි කරපු පක්ශේ 60% ක් හන්ද අරන් දිනනවයි කියලා. මම හිතන්නේ ඒ අය සමීක්ශනේ කරල තියෙන්නේ වෙන කැලේක. /wahaha

කොහොමින් කොහොම හරි ඩැන් වදුරන්ට තියන ප්‍රශ්නේ. කැලේ ලස්සන වේවිද එහෙම නැත්නම් පරන තිබුන විදියටම තියේවිද කියලා. අපි බලන් ඉමු. /bye

1 comments. :

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP